Sunday, September 6, 2015

 

කොරියන් භාෂාව (හන්ගුක් මල් / ඔ)

ෙකාරියන් භාෂාව "හන්ගුක් මල්" හා "හන්ගුක් ඔ" යනුවෙන් හදුන්වනු ලබයි. කොරියන් භාෂාව මුලික වශෙයෙන් අකුරැ 24 කි. ඒහිදි ස්වර 10ක් හා ව්‍යංජන 14 කි.

මිට අමතරව ස්වර 2 ක් හො 3ක් ඒකට ඒකතු වි සැදෙන සංයුත්ත ස්වර 11 කි.
ව්‍යංජන 2ක් ඒකට ඒකතු වි සැදෙන සංයුත්ත ව්‍යංජන 5 කි‍. ඒ අනුව  අකුරැ 40 ක් අැත.

ස්වර

සැ.යු- මෙහිදි 9 වැනියට ඒන ශබ්දය ඒනම් "_" (අ) ලියනවිට පැටලිලි සහගත විය හැකිය.
ඒය උදාහරණයක් ලෙස "මාමා" යන ශබ්දයේදි "마마" අාකාරයටය  ඒෙහත් "මම" යන ශබ්දයෙදි "마므" ලෙසත් ය. 

කොරියන් භාෂාවේ ස්වරයක් තනිවම උච්චාරණය නොවේ. උච්චාරණය කිරිමට නම් ව්‍යංජන හා ස්වර ඒකට සම්බන්ධ විය යුතය. ඒසේ ව්‍යංජනයකට ස්වරයක් සම්බන්ධ වන විට සිරස්ව අැති ස්වර ව්‍යංජනයකට ඉදිරියෙන් ලියන අතර තිරස්ව අැති ස්වර ව්‍යංජනයකට පහලින් ලියවේ.
ඒහෙත් ස්වරයකට අාවේනික හඩ ලබා ගැනිමටනම් "O" යන ව්‍යංජනය සම්බන්ධ වි ලියවේ. ඒය මෙසේය,

       아  අා
       야  යා
       어  ඔ
       여  යො
       오  ඔ
       요  යො
       우  උ
       유  යු
       으  අ
       이  ඉ

ඒසේම මෙය වෙනත් අකුරක් සමග අප බලමු.


아이  අාඉ  - ළමයා
오이  ඔඉ     - ග්ර්කින් - (කොමඩු විශේෂයක්) 
우유  උයු      - කිරි
이유   ඉයු     - හේතුව
여우   යොඋ  - නරියා

ව්‍යංජන

මෙහි "ㅊ" ඡ් (මහප්‍රාන ච)

මෙහිදි ශබ්ද 2ක් තිබෙන ව්‍යංජන කියවිමෙදි වචනයක මුලට යෙදි අැත්නම් ඒහි මුල් ශබ්දයද වචනයක අවසානයෙ යෙදි අැත්නම් ඒහි දෙවනි ශබ්දයද භාවිතා කරනු ලබයි. ඒහෙත් ඒය සැම තැනකදිම නොයෙදේ. 
උදාහරණයක් ලෙස 신발 - සින්බල් - පාවහන්

වචන කිහිපයක් 
https://goo.gl/nUSVUg


කොරියානු හෝඩිය

ඊලග පාඩමින් සංයුක්ත ස්වර හා සංයුක්ත ව්‍යංජන ගැන ඉගෙන ගනිමු

ගැටළු අැත්නම් පහතින් සදහන් කරන්න

1 comment:

Follow me on Twitter!